බැඳුම්කර සිද්ධීය ගැන නීතිය ක්‍රියාත්මක වනතුරු ජනපති අවධානයෙන්

0
1503
views

මහ බැංකු බැදුම්කර සිද්ධීය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවුණහොත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සිය අවධානය යොමුකරනු ඇතැයි ඇමති එස්.බී. දිසානායක පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.

අවශ්‍ය වුවහොත් ඊට අදාළ විශේෂ කොමිසමක් පත් කෙරෙනු ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.